නවසීලන්තයත් ඩෙල්ටා හමුවේ අර්බුදයකලු

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නවසීලන්තය පුරා පනවා ඇති නිරෝධායන සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීමට අගමැතිනි ජසින්ඩා ආඩ්න් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, නවසීලන්තය පුරා ක්‍රියාත්මක නිරෝධායන සීමාවන් අගෝස්තු 27 වනදා දක්වා දින 3 කින් දීර්ඝ කෙරෙන අතර, එරට වත්මන් කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රය වන ඕක්ලන්ඩ් නුවර නිරෝධායන සීමාවන් ලබන 31 වනදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.
නවසීලන්තයෙන් ඊයේ දිනයේදී ද නව ආසාදිතයින් 35 දෙනෙකු හඳුනා ගැනුණු අතර නව කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා.