ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද කැපී පෙනෙන ලෙස සියයට 3 කින් පමණ වර්ධනය වූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 67 යි ශත 35 ක් ලෙසයි.

ඇමෙරිකානු ඩබ්ලිව්.පී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 64 යි ශත 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇමෙරිකානු ඩොලරය දුර්වල වීම මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතුව ලෙස සැලකෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතියේ සියයට 8 කින් ද, ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 9 කින් ද පසුගිය සතියේ පහත වැටුණේ මැයි 21 න් පසු අවම අගයන් සලකුණු කරමින්.