ඉසාලිනිගේ දෙවන මරණ පරීක්ෂණය පිළිබඳ විස්තර අධිකරණයට ….
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් පැවසුවේ විශේෂ අධිකරණ නිලධාරින්ගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විශේෂඥ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද දෙවන මරණ පරීක්ෂණ වාර්තාවේ දී ඉසාලිනි දිගු කලක් ලිංගික හිංසනයට ලක්ව සිටි බවයි.
ඔහු මේ බව කියා සිටියේ අද අධිකරණය හමුවේ අදහස් දක්වමිනි.
රිෂාඩ් බදියුදීන්ගේ පවුලේ අය ඒ වන විටත් කට උත්තර දී තිබුනේ ආහාර පිසින ගෑස් වලින් ඇති වූ ගින්නකින් දැරියගේ ශරීරය පිළිස්සී ඇති බවයි.
කෙසේ වෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කියා සිටියේ දැරිය රෝහල් ගත කළ සුව්සරිය ගිලන් රථයේ රාජකාරියේ යෙදී සිටි දෙදෙනාත් , ඇයට ප්රතිකාරකල වෛද්‍යවරු සහ හෙදියන්ගෙන් ගත් කට උත්තරවලින්, දැරියගේ ශරීරයේ භූමිතෙල් සුවඳ දැනුනු බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවය .