දේශීය වශයෙන් නව නිපැයුම් ඇගයීමට

ශ්‍රී ලංකාවට වාහන ආනයනය අත්හිටුවා ඇති පසුබිමක දේශීය වශයෙන් නව නිර්මාණකරුවන් ගොඩනැගෙන නිපැයුම් දිරිමත් කිරීම අතිශය වැදගත්.

මහනුවර – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි නව නිපැයුම් පිළිබඳ පර්යේෂකයෙකු වසර 6ක් පුරා පර්යේෂණ හා සැලසුම් සිදු කරමින් එලෙස නිර්මාණය කල මෝටර් රථයක් මේ වන විට අනුමැති අවසර සඳහා යොමු කර තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතයි.

ආනයනික පෙට්‍රල් එන්ජිමක් සහිත මෝටර් රථවලට බොහෝ දුරට සමාන මෙම දේශීය මෝටර් රථය, සාමාන්‍ය මෝටර් රථයක අන්තර්ගත සියලු අංගෝපාංගවලින් සමන්විත වනවා.

එය දේශිීය අමුද්‍රව්‍ය රැසක් භාවිතා කරමින් සාමාන්‍ය ගරාජයක් තුළ නිෂ්පාදනය කිරීම ද විශේෂත්වයක්.