කොරෝනා වසංගතයෙන් ආසියාවේ තවත් මිලියන 80ක් අන්ත දුගීභාවයට

කොරෝනා වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවල මිලියන 75ත් 80ත් අතර, අතිරේක ජන කොටසක් පසුගිය වසරේ දී අන්ත දුගීභාවයට පත්ව ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
ආසියානු පැසිෆික් කලාපය සඳහා පුරෝකතනයක් ඉදිරිපත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව කියා සිටියේ, මේ හේතුවෙන් කලාපයේ රටවලට වසර 2030 දී තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වනු ඇති බවයි.
දිනකට ඇමෙරිකානු ඩොලර් 1යි ශත 90කට අඩු ආදායමක් ලබන පුද්ගලයන් අන්ත දුගීභාවයෙන් පෙළෙන බව ජගත් සංවිධානයේ නිර්ණායකය යි.
ආසියානු සංවර්ධන බැංකුවේ මෙම පරිපූර්ණ වාර්තාවට කලාපයේ රටවල් 49ක ආර්ථික, මූල්‍ය, සාමාජීය සහ පාරිසරික දත්ත ඇතුළත්.