ගුරු සංගමයේ තීරණය අද

මෙතෙක් නොවිසදුණු තම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන නව ක්‍රියාමාර්ග පිළිබඳ ව අද රැස් වී තීරණය කර ප්‍රකාශයට පත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එහෙත් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීන්දුව එළඹෙන සතියේ දැනුම් දෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කර තිබුණේ.
වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 45 වන දිනටත් ක්‍රියාත්මකයි.