ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර විදේශ සබදතා නව මාවතකට

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර විදේශ සබදතා වැඩිදියුණු කිරීම පිළිබඳ ව සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ‘සන්තුෂ් වුන්ජින් ජියොන්ග්’ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඔහු ඊයේ විදේශ අමාත්‍ය ජී.ල් පීරිස් හමු වූ අවස්ථාවේදි යි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික කටයුතුවල දී ශ්‍රී ලංකාවට සහාය වීම සදහා සිය රට කැපවීමෙන් සිටින බව දකුණු කොරියානු තානාපතිවරයා එහි දී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙරට කොරියානු භාෂා අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

එහි දී විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් වැඩිදුරටත් කියා සිටියේ දකුණු කොරියාව , ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන හැඟීම අගය කරන බවයි.