තවත් කොරෝනා මරණ 198ක් සමස්තය 8000ට ළං වෙයි
මෙරටින් ඊයේ දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයින් 4483ක් හමු වූ අතර කොරෝනා මරණ 198ක් වාර්තා වුණා.
තවත් කොරෝනා මරණ 198ක් ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 7984ක් දක්වා ඉහළ ගියා.
ඊයේ තහවුරු කළ මිය ගිය පිරිස අතරින් 119 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර,79 දෙනෙකු කාන්තාවන්.
එසේ ම මිය ගිය 146 දෙනෙකු අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පසුවනවා.
ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 4483ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 11 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 407,768 ක් දක්වා ඉහළ ගියා.
තවත් කොරෝනා ආසාදිතයන් 2163 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා.
ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 348,930ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.