තවත් සති දෙකක කාලයක් රට වසා තබන්​න

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ ප්‍රමාණය අවම කරගැනීමටනම් රට වසා තබමින් ජනතාවගේ සංචරණය පාලනය කලයුතු බව ඔහු පෙන්වා දෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!