මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට බෙදාදීම සිදු නො කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම ජනතාවට දැනුම් දෙන්නේ තමන් 2020 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2021 වර්ෂය සඳහා ද එම ලිපිනය යටතේ ලියාපදිංචි කිරීමට ක්‍රියාකරනු ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සඳහා කිසිදු ආකෘතියක් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

2020 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය මේ දිනවල සෑම ග්‍රාම නිලධාරි කාර්යාලයක ම ප්‍රදර්ශනය කිරීමටයි නියමිත ව තිබුණේ.

එහෙත් නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් එම කටයුතු ද නැවත දැනුම්දෙනකුරු කල් දමා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ 2021 වර්ෂය සඳහා ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය මගින් පරීක්ෂා කර බැලිය හැකි බවයි.

තමන්ගේ නම නිර්දේශ වී නොමැති නම්, ඒ සඳහා කඩිනමින් ග්‍රාම නිලධාරි වෙත දැනුම් දෙන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.