පුත්තලමෙන් කොවිඩ් ආසාදිතයින් ගණන 71ක් දක්වා ඉහළට

පුත්තලම දිස්ත්‍රික්කයේ කොවිඩ් 19  ආසාදිතයින් 71 දෙනෙකු මේ වන විට වාර්තා වි ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි .

එසේ කොවිඩ් ආසාදිතයින් 71 දෙනා දංකොටුවෙන් 8 දෙනෙකු ද, වෙන්නප්පුව 13 කුද , නාත්තන්ඩිය 10  ක්ද, මහවැව 3 ක් ද ,හලාවතින් 10 ක්ද ,ආරච්චිකට්ටුවෙන් 6ක් ,මුන්දලමේන් 2 ක් පුත්තලමේන් 3 ක් ,කල්පිටියෙන් 10 ක් කරුවලගස්වැව 2 ක් , ආණමඩුව 1 ක් , පල්ලම 2 ක්, හා මාදම්පේ 1 ක් ලෙස අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාස මට්ටමින්  වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කියයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 71 දෙනා මේ වන විට දිස්ත්‍රික්කයේ ඇතුලත හා පිටත ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බව කියයි.

අදාල ආසාදිතයින් හමුවු ප්‍රදේශ කිසිවක්  මේ වන විටත් හුදකලා කර නොමැති බවත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රීත පවුල් වල පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසක් නිවෙස් වලින් බැහැර විම වලකා ආදාල නිරෝධායන ක්‍රම වේදයන් අනුව සෞඛ්‍ය අංශ කිසි කටයුතු සලසා ඇති බවද වාර්තා වෙයි.

මේ ආශ්‍රීතයින් මගින් වෙනත් පිරිස් වෙත කිසිදු අයුරකින් කොඩිඩ් පැතිරි යාම සම්පුර්ණයෙන් වලකා ඇති බවට තමන්ට වගකිමේන් පැවසිය හැකි ලෙස තම සෞඛ්‍ය කණ්ඩායම් සේම දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ හා සෙසු රාජ්‍ය නිලධාරින්ගේ මැදිහත් විම ප්‍රසංශනිය මට්ටමක පවතින බවද අධ්‍යක්ෂවරිය පැවසිය .