ධීවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික  කටයුතුවල නිරත වන ප්‍රජාව සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැන්වීය.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වනවිට වර්ෂාව ඇද හැලෙමින් පවතින අතර ගතවූ පැය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල මොරලියඔය ප්‍රදේශයෙන් වාර්තාවිය.

එම අගය මිලිමීටර් 88.2කි.