උතුරු හා නැගෙනහිර යුද දුමාරයෙන් මිලින වී ගිය කවි කුසුමක කතාව ’’සෙල්වී’’
උතුරු හා නැගෙනහිර සන්නද්ධ ගැටුම් පැවති සමයේ පැහැරගැනීමට ලක්ව ඝාතනය වූ ද්‍රවිඩ කිවිඳියක හා සාහිත්‍ය ක්‍රියාකාරිනියක වන ත්‍යාගරාජා සෙල්වනීති හෙවත් “සෙල්වී” ගේ සාහිත්‍ය සේවාව හා කවිතාව ඇගයීම වෙනුවෙන් වන විශේෂ සමරු වැඩසටහනක්,මාර්ගගත තාක්ෂණය (ZOOM) ඔස්සේ අද (28) දින සවස 6.30 ට පැවැත්වේ .
ජාත්‍යන්තර පෙන් (PEN ) ආයතනයේද සම්මානයෙන් පිදුම් ලද, කිවිඳියක වන ත්‍යාගරාජා සෙල්වනීති වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ සමරු වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA ) විසිනි .
මෙහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කැනඩාවේ වින්ඩ්සර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චේරන් රුද්‍රමූර්ති විසිනි. ඊට අමතරව ප්‍රවීණ මාධ්‍යවේදීනී සීතා රංජනී හා ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය .
මෙම වැඩසටහනට (ZOOM) තාක්ෂනය ඔස්සේ එක්වීමට අදාළ තොරතුරු පහත දැක්වේ .