පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, මීටර 67.79ක් දුරක් හෙල්ල විසි කරමින්.
ඔහු 2016 රියෝ පැරාලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කම ද දිනාගෙන තිබුණා.
35 හැවිරිදි දිනේෂ් ප්‍රියාන් අනුරාධපුරයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පළමු උත්සහයේදී ම සිය හොඳ ම දුර ප්‍රමාණය වාර්තා කර තිබෙනවා.
දෙවන උත්සහයේදි යි ඔහු මෙලෙස ලෝක වාර්තාවක් තබා ඇත්තේ.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කළ අයෙක්.
මීට අමතර ව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි සහභාගි වන හෙල්ල විසි කිරීමේ එෆ්. 64 කාණ්ඩයේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත යි.