ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් එන්නත දි අවසන්
ගැබිනි කාන්තාවන්ගෙන් 75%ක පමණ පිරිසක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ මේ දක්වාත් එන්නත්කරණයට යොමුනොවූ ගැබිනි කාන්තාවන් තම ප්‍රදේශයේ රෝහලට හෝ සායනයට ගොස් එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බවය.
මේ වන විට කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීමෙන් ගැබිනි කාන්තාවන් 32ක් මියගොස් ඇති බව ද ඇය සඳහන් කළාය.
ගැබිනියන් 4,200ක් පමණ පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති බවත් ඉන් 900 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන බවත් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.