හෙට සහ අනිද්දා ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
දිවයිනේ සියලු ම ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.
එසේම, වෙළඳ ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ සහායකයින් සඳහා මෙන්ම ප්‍රවාහන පහසුකම් සඳහා ද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කරගනිමින් අවසර පත්‍ර ලබාදීමට කටයුතු කළ යුතු බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් සියලු ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරවරුන්ට දැනුම් දී ඇත්තේ.