හෝමාගම රෝහලේ වෙනත් රෝගයක් සදහා ප‍්‍රතිකාර ලැබූ රෝගියකුට කොරෝනා

වෙනත් රෝගයක් සදහා හෝමාගම රෝහලේ ප‍්‍රතිකාර ලැබූ රෝගියකු සුවය ලබා නිවසට ගිය පසු ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වීමේ සිද්ධියක් හේතුවෙන් ඊයේ එම රෝහලේ පස්වැනි වාට්ටුවේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනකුට පමණ පීසීආර් පරීක්‍ෂණ සිදු කර ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.