මාසයකදී මරණ 4,500 ඉක්මවයි

මෙරට කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වූ පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ක්‍රමානුකූලව කොවිඩ් මරණ  වාර්තාවීම ඉහළගොස් ඇති ආකාරයක් දැකගැනීමට හැකිය.

අප්‍රේල් මාසය තුළ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 110කි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මැයි මාසය තුළ මරණ 806ක් වාර්තා වී තිබුණි.

ජූනි මාසයේ මරණ 1,593 ක් වාර්තා වූ අතර ජූලි මාසයේ සිදු වූ කොවිඩ් මරණ ගණන 1364ක් ලෙස සඳහන් වෙයි.

එහෙත් අගෝස්තු මාසයේ ගෙවුණු දින 29 තුළ පමණක් මරණ 4,550 ක් වාර්තා වී තිබීමෙන් කොවිඩ් මරණ කැපීපෙනෙන ලෙස ඉහළයමින් පවතින ආකාරය තහවුරු වෙයි.

මෙහි විශේෂ කරුණක් වන්නේ අප්‍රේල් මස සිට ජූලි මාසය දක්වා වූ මාස 4හිම වාර්තා වූ කොවිඩ් මරණවල එකතුවටත් වඩා වැඩි මරණ ප්‍රමාණයක් අගෝස්තු මාසය තුළ පමණක් වාර්තා වී තිබීමය.

තුන්වන රැල්ල ආරම්භයේ පැවති ඇල්ෆා ප්‍රභේදයට වඩා මේ වනවිට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයේ පවතින බියකරු ස්වභාවය මේ අනුව මනාව පැහැදිලි වෙයි.

මේ අතර ඊයේ (30) දිනයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 4562කි.

වසංගත රෝග විද්‍යා අංශය නව දත්ත ඇතුළත් කිරීමෙන් පසු මේ වනවිට ගෙවුණු දින 9න් දින 6කදීම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා තිබේ.