ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු අවසාන යුධ ගුවන් යානයත් කාබුල් අගනුවරින් පිටත්වේ
වසර 20 ක ඇෆ්ගන් මෙහෙයුම් නිමාවට පත් කරමින් අමෙරිකානු අවසාන යුධ ගුවන් යානයත් කාබුල් අගනුවරින් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව ඇෆ්ඝනිස්ථානය තුළ අමෙරිකානු ක්‍රියාකාරකම් නිල වශයෙන් නිමාව සනිටුහන් වන බව එරට මෙහෙයුම් භාරව කටයුතු කළ ජනරාල් ෆ්රෑන්ක් මැකෙන්සි සඳහන් කර සිටියි.
මේ දක්වා අමෙරිකාව විසින් ඇෆ්ඝනිස්ථානයෙන් සිවිල් වැසියන් 123,000 ක් පමණ ඉවත් කරගෙන තිබේ.
2001 වසරේදී ආරම්භ වූ තලේබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් වසර 20 ක් පුරා පැවති අතර එය මේ දක්වා අමෙරිකාව සිදුකල දීර්ඝතම යුද්ධයයි.
මෙම කාලසීමාව තුළදී මියගිය අමෙරිකානු සෙබලුන් ගණන 2400 කට අධික වන අතර, ඒ සඳහා ඩොලර් බිලියන 822 කට ආසන්න මුදලක් විය කර තිබුණි.
කාබුල් වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියට විනාඩියක් තිබියදී අවසන් අමෙරිකානු ගුවන් යානයද පිටත්ව ගිය අතර එය සමරමින් තලේබාන් සංවිධානය විසින් අහසට වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.