රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකක ධාරිතාව ඉක්මවයි

කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන එම්.අයි.එස්. – සී නැමැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසීය.

එම රෝගය වැළඳුනු දරුවන් හතළිස් පස් දෙනකු පමණ මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් දරුවන් හතර දෙනකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බවත් දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයකින් පසුව මෙම රෝගී තත්ත්වය වැළඳෙන බවත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසීය. දරුවාගේ ඇඟේ ප්‍රතිදේහ වෙනත් අවයවවලට බලපෑම් කිරීම මෙම තත්ත්වය වන බවත් හදවතට බලපෑම් කිරීම වඩාත් භයානක විය හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

 

යොහාන් භාසුර