ඉන්දියාවේ නව වෛරසයක්

උතුරු ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික් කිහිපයක මේ දිනවල නව වෛරස් උණක් පැතිර යනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ, මෙම වෛරස් උණ තත්ත්ය වැළඳීමෙන් දැනටමත් 50 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, ඉන් වැඩි පිරිසක් ළමයින් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තවත් සියදෙනෙකු පමණ රෝහල්ගත ව ප්‍රතිකාර ලබනවා.

සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය මෙම වෛරස් උණෙහි මූලික ලක්ෂණ වනවා.

මෙම වෛරස් උණ මදුරුවන් මඟින් බෝවන බවට මත පළ ව තිබුණත්, මෙතෙක් එය තහවුරු වී නැහැ.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, ඉන් ඔවුන් අසාදිතයින් ලෙස හඳුනාගෙන නොමැති බවට යි වාර්තා වන්නේ.