බස්නාහිර අවදානම් ප්‍රදේශවල ඇඳිරිය අනිවාර්යයෙන්ම තියන්න… වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
බස්නාහිර පළාතට ක්‍රියාත්මක කර ඇති ඇඳිරිනීතිය අනිද්දා (09 වැනිදා) ඉවත් කරන්නේ නම් අවදානම් ප්‍රදේශවල ඇඳිරිනීතිය තවදුරටත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඊයේ (06 වැනිදා)පුවත්පත් අදහස් දක්වමින් සඳහන් කළේය.
එසේ නොවුණහොත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි වනු ඇති බවත් හෙතෙම අනතුරු ඇඟවීය.
ඇඳිරිනීතිය පැනවීම තුළ කොරෝනා ව්‍යාප්තිය යම් මට්ටමක පැතිරීම පාලනය වී ඇති නමුත් එය ඉවත් කිරීමත් සමග ව්‍යාප්තිය කොහෙන් කෙළවරවේද යන්න සිතා ගැනීමට නොහැකි යැයි හෙතෙම කීවේය.
එහෙයින් සංචරණ සීමා කිරීමට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය මෙන්ම අවදානම් ප්‍රදේශයන්හි ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය යැයි ද හරිත අලූත්ගේ මහතා කියා සිටියේය.
එසේම කොරෝනා වසංගතය හේතුවෙන් සිදුවන මරණ සමාලෝචනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කළ යුතු බවත් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.