රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අද (01) තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ, සැප්තැම්බර් 07 වනදා දක්වාය.
කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අමාත්‍යංශයට අයත් ලෝහ අබලි ද්‍රව්‍ය පුද්ගලික ආයතනයකට ලබාදී අයුතු ලෙස උපයා ගත් මුදල් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව චෝදනා පවතී.