රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව ගැන දෛනිකව නිරීක්ෂණයට

දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සදහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80ක් වන අතර මේ වන විට එම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තාවන්නේ. කොරෝනා වසංගතයට පෙර මෙරට ඔක්සිජන් අවශ්‍යතාව පැවතියේ ටොන් 20 ත් 25 ත් අතරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වත්මන් තත්වය මත ඔක්සිජන් අවශ්‍ය කරන සෑම රෝගියෙකුටම හිගයකින් තොරව ඔක්සිජන් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.