වර්ජනය අත්හරින්නැයි මල්වතු සහ අස්ගිරි පාර්ශව ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලයි
මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්නැයි අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු – විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර තිබේ.
කොවිඩ් වසංගත මැද වුවද රජය පාර්ශ්වයෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් රට තුළ පවතින තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරන ලෙස ඉන් ඉල්ලා ඇත.
රජය මේ මොහොතේ ඉදිරිපත් කර තිබෙන විසඳුමට යම් ප්‍රමාණයකට හෝ නම්‍යශීලී වී දරුවන් ගැන සිතා අධ්‍යාපන කටයුතු යළි සිදුකරගෙන යන ලෙස ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර, වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ, චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට සුදානම් බව ගුරු – විදුහල්පති වෘත්තිය සංගම් පවසා තිබුණි.