මින්නේරිය ‘ධීවර බංගලාවේ’ සැගව සිටි තිදෙනකුට කොරෝනා… රහසේ සඟවා තබා ගැනීමට දේශපාලන ඥයකුගේ මැදිහත්වීමක්?

මින්නේරිය ‘ධීවර බංගලාවේ’ සැගව සිටි තිදෙනකුට කොරෝනා… රහසේ සඟවා තබා ගැනීමට දේශපාලන ඥයකුගේ මැදිහත්වීමක්?

මාතර ප‍්‍රදේශයේ සිට පැමිණ ධීවර සංස්ථාවට අයත් මින්නේරියේ පිහිටි සංචාරක බංගලාවක නතර වී සිටි කොරෝනා ආසාදිතයින් තිදෙනකු ඊයේ (06දා) සවස සොයා ගත් බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මොවුන්ට කොරෝනා රෝගය වැලඳී ඇති බවට පී. සී. ආර් පරීක්‍ෂණවලින් තහවුරු කර ගෙන තිබියදී හොර රහසේ පැමිණ මෙහි සැඟවී සිටියදී සොයා ගැනීමට හැකි වූ බව ද ඒ මහතා කීය.

හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ලැබුණු තොරතුරකට අනුව ධීවර සංස්ථාවට අයත් සංචාරක බංගලාව නිරෝධායන නීති යටතේ පරීක්‍ෂාවට ලක් කිරීමේදී මේ කොරෝනා රෝගීන් තිදෙනා හමුවී තිබේ.

මෙම කොරෝනා ආසාදිතයින් තිදෙනා සමග තවත් පුද්ගලයන් 04දෙනකු එම සංචාරක බංගලාවේ නවාතැන් ගෙන සිටි බවත් ඔවුන් සිව් දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කළ බවත් වෛද්‍ය කුමාරවංශ මහතා ප‍්‍රකාශ කළේය.

මේ අතර එහිදී හමු වූ කොරෝනා රෝගීන් තිදෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව ද කීය.

සෞඛ්‍ය අංශවල ‘ඇස්වලට වැලි ගසා’ කොරෝනා රෝගීන් මෙසේ හොර රහසේ සඟවා තබා ගැනීමට එක්තරා දේශපාලනඥයකුගේ මැදිහත්වීමක් තිබෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.