බ්‍රිතාන්‍යයේ කොටි තහනම යළි දිගු වේ
බ්‍රිතාන්‍යය, එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස තවදුරටත් නම් කර තිබෙනවා.
2000 අංක 7 දරණ එරට ත්‍රස්තවාදී පනත යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සඳහා පනවා ඇති තහනම අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බවට බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇති බවට ලක් රජය දැනුවත් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.
තහනම් සංවිධාන පිළිබද අභියාචනා කොමිසමේ තීන්දුවෙන් අනතුරු ව, බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇති අතර, එමඟින් එක්සත් රාජධානිය තුළ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරන ලෙසට කොටි සංවිධානයකින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවට යි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ වන විට යුරෝපා සංගම් කලාපය ඇතුළු ලොව පුරා තවත් රටවල් 40ක එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.