අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිල ට අලෙවිකළහොත් දඩ

පාරිභෝගික කටයුතු සංශෝධන පනත එළඹෙන සඳුදා (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව රාජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතුකිරීම සඳහා එම පනත සංශෝධනය කරනු ලබන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩ ගත කර තිබේ.

ඒ අනුව, තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩ මුදල රුපියල් 20,000 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නංවා ඇත.

සමාගමක උපරිම දඩය ලක්ෂ දෙකේ සිට කෝටිය දක්වාද ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තනි පුද්ගලයෙක් සඳහා පැවති අවම දඩය වූ රුපියල් 1,000 රුපියල් 100,000 දක්වා ඉහළ දමා ඇති අතර සමාගමක් සඳහා පැවැති අවම දඩය  වූ රුපියල් 10,000 රුපියල් 500,000 දක්වාත් ඉහළ දමා තිබේ.