නවසීලන්තයේ යකා නැටුවේ කාත්තන්කුඩිය මොහොමඩ් සම්සුදීන් අදිල් ලෙස හදුනාගෙන තිබේ

නවසීලන්තයේදී සුපිරි වෙළදසැලකට ඇතුල්වී පිහිප්‍රහාරයක් එල්ල කළ ලාංකිකයාගේ අනන්‍යතාවය මේ වනවිට හෙළිදරුව් කොට ඇත.
එම පුද්ගලයා කාත්තන්කුඩියේ පදිංචිව සිට ඇති මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් ලෙස හදුනාගෙන තිබේ.
පසුකාලයේදී හෙතෙම අයි.එස්.අයි.එස්. සංවිධානයට බැදී ඇති බව වාර්තාවේ.
ඔහු අයිසිස් සංවිධානයට සම්බන්ධ වූ අතර නවසීලන්ත පොලිසිය විසින් ඔහුව නිරීක්ෂණය කරන ලදී. කෙසේ වෙතත්, මේ සියල්ල නොතකා ඔහු බොහෝ දෙනෙකුට පිහියෙන් ඇන මරා දැමීමට උත්සාහ කර ඇත. ඔහුගේ පිහි ඇනුමට ගොදුරු වූ බොහෝ දෙනෙක් රෝහල් ගත කර ඇත. මොහොමඩ් සම්සුදීන් පොලිස් වෙඩි පහරින් මිය ගියේය.
මොහොමඩ් සම්සුදීන් කාත්තාන්කුඩි -01 හි පදිංචි අයෙකු බව දැනගන්නට ඇත. අයිසිස් සංවිධානයේ ආනුභාවයෙන් ඔහු මෙම ප්‍රහාරය සිදු කළ බව කියවේ.
මූලික පරීක්ෂණ වලින් හෙළි වූයේ ඔහු 1989 දී ඉපදුණු බවත් වයස අවුරුදු 7 දී (2011) නවසීලන්තයට ගිය බවත් ය.
සහෝදර සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලක අවසාන දරුවා ලෙස උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ හින්දු විද්‍යාලයේය.
එක් සහෝදරියක් සහ පියා කැනඩාවේ ජීවත් වන අතර, අනෙක් සහෝදරයින් දෙදෙනා සෞදි අරාබියේ කටාර්හි ජීවත් වෙති.