ලොකු ලූනු බද්දත් වැඩි කරන්නැයි ඉල්ලයි
ආනයනික ලොකු ලූනු සදහා නැවත බදු පනවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
දේශීය ලොකු ලූනු ගොවීන්ගේ අස්වනු නෙලන කාලය ආරම්භ වී ඇති බැවින් මෙලෙස බදු පැනවීමක් සිදුකරන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.
ලොකුලූනු කිලෝවක් සදහා පනවා ඇති ශත 25ක් වන ආනයන බදු හේතුවෙන් ලූනු කිලෝවක මිල පවතින්නේ රුපියල් 60ත්, 80ත් අතරයි.
ඒ හේතුවෙන් මෙරට ලොකුළුෑණු ගොවීන්ගේ නිෂ්පාදන අඩු මුදලට අලෙවි වීම වළක්වා ගැනීම සදහා ආනයනික බද්ද ඉහළ දමන ලෙසටයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලා ඇත්තේ.