දෙමළ සන්ධානයේ මත ගැටුමක්

ජගත් මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියක් මුල් කර ගනිමින් දෙමළ ජාතික සන්ධානය තුළ මත ගැටුමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා ජාතික සන්ධානයේ මූලිකත්වයෙන් අදාළ ලිපිය යොමු කර ඇති අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තමිල් අරසු පක්ෂය ඊට සම්බන්ධ නොවීමත් සමඟයි මත ගැටුම  හටගෙන ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත්, එම සන්ධානයේ සෙසු පක්ෂ වන ටෙලෝ සහ ෆ්ලොට් පක්ෂවල නායකයින් ඊට අත්සන් තබා තිබෙනවා.

කෙසේ වෙතත්, තමිල් අරසු පක්ෂයේ සාමාජිකයින් වන දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරන්, ශ්‍රී ධරන් සහ මාවෙයි සේනාධිරාජා ඊට අත්සන් කර නැහැ.

අදාළ ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ උතුරු පළාතේ ඉඩම් යුද හමුදාව විසින් අත්පත් කර ගැනීමත්, බෞද්ධ විහාරස්ථාන බලහත්කාරයෙන් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීමටත් වෑයම් කරන බවටයි.

එසේම තවත් කරුණු රැසක් ද ඊට ඇතුළත් බවට වාර්තා වනවා.