විදේශීය සංචාරකයින්ට පැන වූ නීති ලිහිල් වේ

එන්නත් දෙකම ලබාගත් සහ දින 14ක නිරෝධායනය අවසන් කළ විදේශීය සංචාරකයින් සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට හැකිවන පරිදි, නීති ලිහිල් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය සතියේ ඊට අදාළ චක්‍රලේඛය පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව එන්නත් දෙකම ලබාගත් සහ නිරෝධායනය අවසන් කළ සංචාරකයෙකුට නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් සංචාරක බුබුළ මඟහැර සංචාරය කිරීමේ හැකියාව පවතින අතර නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී ද එලෙස ගමන් කිරීමේ හැකියාව පවතින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ කියා සිටියේ.

මේ අතර, පසුගිය මාසය තුළ සංචාරකයින් 5040 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

එලෙස වැඩි පිරිසක් පැමිණ ඇත්තේ කැනඩාව, ජර්මනිය, එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින්.