සෞදිය තෙල් මිල අඩු කරයි

සිය ඉන්ධන අලෙවිය ඉහළ නැංවීම සඳහා සෞදි අරාබිය ආසියාව සඳහා සිදුකරන සැපයුම්වල මිල පහත හෙලීමට තීරණය කර තිබෙනවා.

සෞදි අරාබියේ විශාලතම තෙල් ගැණුම්කරුවන් සිටින්නේ ආසියාකරයේ යි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වසර තුළ මේ දක්වා 40%කින් පමණ ඉහළ ගියා.

කෙසේ නමුත්, වසර අවසානයේ ඉල්ලුම ඉහළ යා හැකි බැවින් නිෂ්පාදනය ඉහළ නැංවීමට යි ඔපෙක් සංවිධානය තීරණය කළේ.

සෞදි අරාබියේ තෙල් මිල පහත හෙලීම ද ඊට අනුකූල ව සිදු කෙරෙන්නක් බව සඳහන්.

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 72කට ආසන්නව යි.