ඇලහැර ලොකු ලූනු වගාව විනාශ වීමේ අවදානමක

ඇලහැර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බකමූණ ප්රදේශයේ සිරිකඳුයාය, ගාඟේයාය, නිකපිටිය, ජයසිරිපුර යන ගම්මානවල ගොවීන් සිය ලොකු ලූනු වගාවන්ට වැළඳුණු දීලීර සහ අල කුණු වීමේ රෝග හේතුවෙන් අසීරුතාවට පත් ව සිටිනවා.
ගොවීන් පෙන්වා දෙන්නේ වගාවන්ට යෙදිය යුතු කෘෂි රසායනික නොමැති වීම හේතුවෙන් එම රෝගී තත්ත්වය පාලනය කිරීමට නො හැකි වී ඇති බව යි.
මේ නිසා වගා හානි වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.