පළාත් සභා ඡන්දය පවත්වන්න, ඡන්ද ක්‍රම සංශෝධන කාරක සභාවට යෝජනාවක්
මැතිවරණ සහ ඡන්ද විමසිම් ව්‍යුහයේ හා නිතී රිතී වල ප්‍රතිසංස්කරණ හදුනා ගැනිමටත් ඒ , සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරිමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දේශපාලන පක්ෂ කිහිපයක් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, මහජන එක්සත් පෙරමුණ, ඊ.පී. ඩී.පී සහ දේශ විමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ විසින් අදාළ කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස් වූ අවස්ථාවේදී මෙලෙස කරුණු ඉදිරිපත් කළ බවයි පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සඳහන් කළේ. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වා තිබෙනවා.
පාරර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට ද ඊයේ දිනයේ මෙම කාරක සභාව හමුවට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබු බවයි.
එහෙත්, එම පක්ෂ ඊයේ දිනයේදි අදාළ කාරක සභාවට නොපැමිණි අතර අද දිනයේ පැමිණ මෙරට ඡන්ද ක්‍රමය කෙසේ සකස් විය යුතුද යන්න කරුණු දැක්වීමට නියමිත වනවා.
ඊයේ කරුණු දැක්වු මහජන එක්සත් පෙරමුණ ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින මැතිවරණ නියමිත කාලයේ පැවැත්විම අත්‍යවශ්‍ය බවයි.
ඒ අනුව, පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවට ඔවුන් එහිදී යෝජනා කර තිබුණා.