රාජ්‍ය ඇමතිකම වෙනුවට කබ්රාල්ට මහ බැංකු අධිපති ධූරය ලබාදීමේ යෝජනාවක්
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් එම අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ, ඔහු යළි මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ඉදිරිපත් ව ඇති යෝජනාවට අනුව යි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ තමන් එය ප්‍රතික්ෂේප නො කරන බව යි.
මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.
මේ අතර, පාර්ලිමේන්තුවේ දී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේ අජිත් නිවාඩ් කබ්රාල් යළි මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්න යි.
කෙසේ වෙතත්, කතානායකවරයාගේ මැදිහත්වීමත් සමඟ ආණ්ඩුවෙන් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.