අනූ හතර ලක්ෂයකට අධික පිරිසකට මාත්‍රා දෙකම ලබා දී අවසන්
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ අනූ හතර ලක්ෂයකට අධික පිරිසකට මාත්‍රා දෙකම ලබා දී ඇතැයි යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.
මේ වනවිට මිලියන 27.2 ක් එන්නත් ගෙනවිත් ඇති බවත්, එයින් මාත්‍රා දෙකම අනූ හතර ලක්ෂ දාහතර දහස් අටසිය පනස් දෙකකට ලබා දී ඇති බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.