වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීමට පෞද්ගලික අංශයට ඉඩම්

මහා පරිමාණ වාණිජ කිරි ගොවිපොළ පිහිටුවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ අනුව රජයට අයිති ඉඩම් අක්කර 1900කට අධික ප්‍රමාණයක් බදු පදනම මත පෞද්ගලික අංශයට ලබාදීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයනි දිරි ගැනීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.