ලෝක සාක්ෂරතා දිනය අදයි
ලෝක සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස ලෝකය සලකන අතර ඒ වෙනුවෙන් අතීතයේ සිට ශ්‍රී ලංකාව තුළ පැවති අධ්‍යාපන ක්‍රමවේදයන් සහ ඊට අදාල දායකත්වයන් වැදගත් මෙහෙයක් ඉටු කළා.
යුනෙස්කෝ සංවිධානය ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ප්‍රකාශයට පත් කළේ 1966 වසරේ සිටයි.
සාක්ෂරතාව එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක වලද වැදගත් සාධකයක් බවට පත්ව තිබෙනවා.
ජගත් සංවිධානයේ වාර්තාවන්ට අනුව ලොව වැඩිහිටියන් සහ තරුණයන් මිලියන 773 කට මූලික සාක්ෂරතා කුසලතා නැහැ.
කියවීමේ සහ අවම ප්‍රවීණතා මට්ටම් නොමැති ළමයින් සහ යොවුන් වියේ දරුවන් සංඛ්‍යාව මිලියන 617 ක්.
ශ්‍රී ලංකාව මෙම පිරිස අඩු රටක් වන්නේ, මෙරට විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන ක්රමවේදයන්ගේ දායකත්වය තුල ළමා සහ යොවුන් පරපුර ලද ශක්තීන් නිසාවෙන්.
ලොව සිසු සිසුවියන්ගෙන් සියයට 62 යි දශම 3 ක් කොරෝනා තත්වය නිසා අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වී සිටින අතර ශ්‍රී ලංකාවේ දරුවන්ද ඊට අයත්.
මානසිකව මෙන්ම කායිකවද දරුවන් පීඩාවට පත්ව සිටින මොහොතක මොන යම් ක්‍රමයකින් හෝ ඔවුන්ට අධ්‍යාපනයේ සැනසුම ලබා දීම දෙමව්පියන්, බලධාරීන් මෙන්ම ගුරු දෙවිවරුන්ගේද යුතුකම බව සිහිපත් කළ යුතුයි.