ගුරු සංගම් නැවතත් සාකච්ඡාවක් අපේක්ෂාවෙන්

ගුරු ගැටළු විසඳීමට අදාළ එකඟතා ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ලැබෙන තුරු සිය වෘත්තීය අරගලය ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

වැටුප් විෂමතා මුල් කරගෙන ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වෙමින් ඔවුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 59 ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, කොළඹ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ ගුරුවරුන්ට රුපියල් 5,000 ක අන්තර් දීමනාව මේ මස සිට වැටුපට එක් කරනු ඇති බවයි.