රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළනැංවීමේ ව්‍යාපෘතියක්
දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් යොමු කිරීම අවම වන ආකාරයට මෙරට රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් පහසුකම් ඇතුළු ඒවායේ අනෙකුත් පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
306/C/1, ජාත්‍යන්තර සිංහ සමාජය , ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය , ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.
“O2 Life” ලෙසින් නම්කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 03 ක් පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි.
අදාළ ව්‍යාපෘතිය සැලසුම්කර ඇති පාර්ශව ,සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
මේ යටතේ රෝහල්හි දැනට තිබෙන ඇඳන් 7500 ක මේ වන විට සිදු කෙරෙන ප්‍රතිකාර වලට අමතරව ඔක්සිජන් ලබා දෙමින් නිසි පරිදි නිරීක්ෂණය,කළමණාකරණය හා හදිසි ප්‍රතිකාර කිරීම සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම නව ඇඳන් 3500 ක් එම රෝහල් සඳහා එක් කෙරෙන අතර ඒවායේ ප්‍රතිකාර සේවාවන් තවත් ඉහළ මට්ටමට ගෙන එමින් උපරිම පහසුකම් ලබාදීමට මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
එමගින් දැඩි සත්කාර ඒකක කරා ඇතුළත් කෙරෙන අවදානම් මට්ටමේ රෝගීන්ගේ අවදානම් තත්ත්වය නව ව්‍යාපෘතියේ පහසුකම් ඔස්සේ අවම කරගැනීමට හැකි වන අතර, මෙය කඩිනිමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතයි.