තාත්තා කොරෝනාවෙන් මැරිලා! අම්මයි දුවයි පුතයි රෝහලේ! ඒ අස්සේ ගෙදරට හොරුත් පැනලා!
මිනුවන්ගොඩ අලූතැපොල ප්‍රදේශයේ නිවසක ගෙහිමියා කොරෝනා ආසාදිතව මියගොස් පවුලේ අයටද කොරෝනා නිසා අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් ගතවී සිටින්නට සිදුවූ දුෂ්කර අවස්ථාවක නිවසට හොරු පැන්න සිදුවීමක් වාර්තාවේ.
මිනුවන්ගොඩ නැගෙනහිර අලූතැපොල පදිංචිව සිටි දෙදරු පියෙක් වූ 53 හැවිරිදි ගෙහිමියා කොරෝනා ආසාදිත වීමෙන් මියගොස් ඇත්තේ 05 වෙනිදාය.
නිවසේ නිරෝධායනය වෙමින් සිටි මියගිය අයගේ බිරිඳ දුව සහ පුතා ද කොරෝනා ආසාදිතව දැඩි ලෙස රෝගාතුර වී මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබී ඇති අතර එදිනම රාත්‍රී ඔවුන්ගේ නිවසට හොරු පැන වටිනාදේ පැහැරගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.