කළුතර, ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය කැපේ

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු අටේ සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර උතුර හා දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ මෙන්ම බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීට අමතරව පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගා නගරය, අලුත්ගම, පිලමිනාවත්ත, කලුවාමෝදර හා මොරගල්ල යන ප්‍රදේශ වලටද හෙට පෙරවරු 8 සිට අනිද්දා අලුයම 2 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇති.