බයිඩන් කොවිඩ්වලින්ම වැඩ අරඹයි
රට තුළ ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්ය සාධන බලකායක් කැඳවීමට ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස පත් වූ ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.
එම සැලසුමට අනුව විශේෂඥයින් 12ක් ඒ සඳහා නම් කර තිබෙන අතර හෙට දින ඔවුන් පළමුවරට කැඳවීමට නියමිත බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම කාර්ය සාධන බලකායේ ප්‍රධානීන් තිදෙනෙක් නම් කර තිබෙන අතර ඒ හිටපු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් වන විවේක් මූර්ති,ආහාර හා ඖෂධ පරිපාලන කොමසාරිස් ඩේවිඩ් කෙස්ලර් සහ යේල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාර්සේලා නූනස් ස්මිත් යන තිදෙනයි.
මෙම කාර්ය සාධන බලකාය නම් කිරීම ඇමරිකානුවන්ගේ ප්‍රසාදයට ලක්ව තිබෙන අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජෝ බයිඩන් සතුව තිබූ දිගුකාලීන සැලැස්ම පිළිබඳ එයින් පෙන්නුම් කරන බවයි ඇමෙරිකාව තුළ සාකච්ජාවට ලක්ව තිබෙන්නේ.
ජෝ බයිඩන් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු එනම් එළඹෙන ජනවාරි 20 වැනිදා සිට උක්ත කාර්ය සාධන බලකායට නෛතික බලතල හිමිවනු ඇති.