බැසිල් පොදුජන පෙරමුණු නියෝජිතයින් කැඳවයි

රට යළි විවෘත කිරීමෙන් පසු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.
ඒ, එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි යි.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම මෙහි දී සිදු වෙන බව සඳහන්.
ඒ අනුව මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර හා ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල පවතින ගැටලු සාකච්ඡා කර ඇති අතර හෙට දිනයේ දී තවත් දිස්ත්‍රික් කිහිපයක නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත යි.