මධ්‍යම අධිවේගයේ මිරිගම කුරුණෑගල කොටසේ වැඩ අවසන්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වනදා ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රට හදන සෞභාග‌්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා පැළ සිටුවීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රුක් රෝපණ වැඩසටහන මීරිගම අන්තර් හුවමාරුව අසලින් පසුගියදා ආරම්භ කෙරුණා. පැකේජ 4 ක් යටතේ මගුල් කරද සහ රොබරෝසියා පැළ සිටුවීම මෙහිදි සිදුවනවා.

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය නොවැම්බර් මස 15 වන දින වන විට විවෘත කිරීමට හැකි බව අමාත්‍යවරයා සදහන් කළා.