T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ඒ අනුව එම සංචිතයේ නායකත්වය හිමිවී ඇත්තේ දසුන් ශානකටයි.
ධනංජය ද සිල්වා උප නායකයායි.
වනිඳූ හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් මෙම සංචිතයට ඇතුලත් වනවා.
කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, කමිදු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු මදුෂංක ද සංචිතයේ සාමාජිකයන් වනවා.
අතිරේක ක්‍රිඩකයන් ලෙස ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය සහ පුලින තරංග නම්කර තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වීමට නියමිතයි.