කැටගොඩගේ නම මැතිවරණ කොමිසමට

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ නම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා.
ඒ අනුව කොමිසම් සභාව රැස්වී ලබන සිකුරාදා එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.