කෑගල්ල උපනගරාධිපති ලලිත් ජයශාන්ත කොරෝනාවෙන් මරුට

කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

2006 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී කෑගල්ල නගර සභාවට ප්‍රථම වරට තරග කොට ජයග්‍රහණය කර කෑගල්ල නගර සභාවට මන්ත්‍රීවරයකු තේරී පත් විය.

2011 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයට තරග කොට ජයග්‍රහණය කළ ලලිත් ජයශාන්ත මහතා කෑගල්ල නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

පසුව 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී යලි කෑගල්ල නගර කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර ඇති ජයශාන්ත මහතා කොට්ඨාසය ජයග්‍රහණය කර පසුව යළ දෙවැනි වතාවට කෑගල්ල නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස සේවය කළ බව කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ මහතා පවසයි.