අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55ට මිල දී ගනී

අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් ගොවීන්ගෙන් මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
මේ අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සතු ව ඇති කුඹුරු ඉඩම් පිළිබඳ ඉදිරිපත් කළ දත්ත පදනම් කරගනිමින් සිදුකළ නියැදි පරීක්ෂණයේ දී එම දෙපාර්තමේන්තුවේ දත්ත සියයට 96ක් ම වැරදි බවට අනාවරණ වුණා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ගොවීන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55ක මිලකට ගොවි බිම්වලට ම ගොස් මිල දී ගැනීමට තීරණය කර ඇති බවයි.
මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලැබුවේ රුපියල් 50කට යි.